කුසුම්දාස හා පියදාසගේ දෙවන ඇප ඉල්ලීම ත් ඉවතට

අල්ලස් චෝදනා ලැබූ ජනා‍ධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානියාගේ දෙවන ඇප ඉල්ලීම ත් අධිකරණය ඉවත දමයි

by Staff writer 24-07-2018 | 11:13 AM
COLOMBO (News 1st) ඉන්දීය ජාතිකයෙකුගෙන් රු. කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවන් වන ජනා‍ධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි ආචාර්ය කුසුම්දාස මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක ලබන මස 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රත් රංග දිසානායක මහතා අද නියෝග කළේ ය. ඒ, ඔවුන් ඉදිරිපත් කළ දෙවන ඇප ඉල්ලීම ද ප්‍රතික්ෂේප කරමිනි. විනිසුරුවරයා සඳහන් කළේ, සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා සුදුසු සාධාරණ හේතුවක් නොමැති බවයි. ඒ අනුව ඔවුන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රත්වරයා නියෝග කළේ ය.