English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
24 Jul, 2018 | 11:28 am
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගින්න නිවීම සඳහා හෙළිකොප්ටර් යානා සහ අතිරේක ගිනිනිවීම් භටයින් ලබා දෙන ලෙස ග්‍රීසිය යුරෝපා රටවලින් ඉල්ලීම් කර ඇති බවයි.
ගින්නට හසු වීමේන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ළමුන් ද ඇතුළුව පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
තුවාලකරුවන්ගෙන් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ වනවිට ඇතෑන්ස් අවට ඇටිකා කලාපයේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
සිය ගණනක් වූ ගිනිනිවීම් නිලධාරීන් ගින්න පාලනය කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටින අතර ඇතෑන්ස් අගනුවර අවට ජනතාව සිය නිවෙස්වලින් ද ඉවත්ව ගොස් තිබේ.
අග්‍රාමාත්‍ය ඇලෙක්සිස් සිප්‍රස් බොසිනියානු සංචාරය අවලංගු කර ඇති අතර ඔහු පවසා ඇත්තේ, තත්ත්වය පාලනය කිරීම සඳහා සෑම උත්සාහයක් ම ගන්නා බවයි.
මියගිය පිරිසෙන් බහුතරය ඇතෑන්ස්හි ඊසානදිග කොටසේ පිහිටි මුහුදට ආසන්නව පිහිටි නිවාඩු නිකේතනක සිටි පිරිස් වන අතර ගින්න දැඩි ලෙස පැතිරුණු ප්‍රදේශවල ජනතාව දිවි බේරා ගැනීම සඳහා දිව ගොස් ඇත්තේ මුහුද දෙසටයි.
26 Jul, 2018 | 05:30 PM
15 Feb, 2019 | 06:07 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS