60 වසරකට පසු මැලේරියා ඖෂධයකට අනුමැතිය

60 වසරකට පසු මැලේරියා ඖෂධයකට අනුමැතිය

by Staff writer 23-07-2018 | 11:33 AM
වසර 60ට පසු ප්‍රථම වරට මැලේරියා රෝගයට ප්‍රතිකාර ලෙස නිපදවූ නව ඖෂධයක් සඳහා අනුමැතිය ලබාදීමට අමෙරිකාවේ බලධාරීන් පිරිසක් පියවර ගනු ලැබීය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිරන්තරයෙන් වෙනස් වෙන මැලේරියා රෝගයට ප්‍රතිකාර කිරීම  විශේෂයෙන් අරමුණු කරගනිමින් මෙම නව පෙති විශේෂය නිපදවා ඇති බවයි . වාර්ෂිකව ලොව මැලේරියා රෝගය වැළඳෙන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 8.5 කි. ඔවුන් පෙන්වා දෙන්නේ මැලේරියා රෝගකාරකය , යළි යළිත් ක්‍රියාකාරී වීමට පෙර වසර ගණනාවක් අක්මාව තුළ සැඟව උදාසීනව පවතින බැවින් ඉන් මීදීම අභියෝගයක් බවයි . මේ අනුව මෙම නව ඖෂධය ජයග්‍රහණයක් බව ද විද්‍යඥයෝ පවසති.