හපුතලේදී මත්ද්‍රව්‍ය සමග කොටු වූ 6දෙනා රිමාන්ඩ්

හපුතලේදී මත්ද්‍රව්‍ය සමග කොටු වූ 6දෙනා රිමාන්ඩ්

by Sagarika Chathumali 23-07-2018 | 12:41 PM

හපුතලේ විහාරගල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඊයේ පෙරවරුවේ පොලීසිය ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් පැකට් 332 ක් සමගයි. පසුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කේරළ ගංජා තොගයක් සහ ගංජා මිශ්‍ර බාබුල් තොගයක් ද සොයා ගැනිණ.