සිරකරුවන්ගේ දුරකතන හඳුනා ගැනීමට උපකරණයක්

සිරකරුවන් ළඟ ඇති ජංගම දුරකතන හඳුනා ගැනීමට විශේෂ උපකරණයක්

by Sagarika Chathumali 23-07-2018 | 7:39 AM
COLOMBO (News 1st) : බන්ධනාගාරගතව සිටින රැඳවියන් රහසිගතව ළඟ තබාගෙන ඇති ජංගම දුරකතන හඳුනා ගැනීම සඳහා විශේෂිත උපකරණයක් සවි කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසුවේ, බන්ධනාගාර ගත සිරකරුවන්, ජංගම දුරකතන භාවිතයෙන් විවිධ ජාවාරම් කිරිම පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමග මෙම පියවර ගත් බවයි.  සංවිධානාත්මක අපරාධ කල්ලි 30 කට ආසන්න සංඛ්‍යාවක පුද්ගලයින් 170 ත් 200 ත් අතර සංඛ්‍යාවක් මේ වන විට බන්ධනාගාරගතව සිටිති. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, එවැනි සිරකරුවන් වැඩි වශයෙන් සිටින්නේ කළුතර , මීගමුව සහ බුස්ස බන්ධනාගාරවල බවයි. මේ අතර බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් පැවැත් වූ දුරකතන සංවාද තුන්දහසකට අධික ප්‍රමාණයක් පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බලකාය විමර්ශන ආරම්භ කර තිබේ.