සිංගප්පූරු වෙළඳගිවිසුමෙන් වෛද්‍යවරුන්ගේ සේවයට බාධා

සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් මෙරට වෛද්‍යවරුන්ගේ සේවයටත් බාධා - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

by Staff writer 23-07-2018 | 10:12 PM

COLOMBO (News 1st) - සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් මෙරට වෛද්‍යවරුන්ගේ සේවයටත් බාධා ඇතිවන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසා තිබේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. ලබන මස 3 වන දා දීපව්‍යප්ත වැඩ වර්ජනයකට යොමුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම්, වෛද්‍ය නවීන්ද සොයිසා,
අද පැවත්වුණු විධායක කමිටුව ඉතා පැහැදිලිව තීරණයක් අරන් තියෙනවා. අගෝස්තු මස 03වන දා උදේ 8 න් ආරම්භ වන දීපව්‍යාපෘත ක්‍රියාන්විතයක් රට පුරා ආරම්භ කරනන්. අද දින සිට රජයේ වෛදය නිලධාරින්ගේ සියලුම ශාඛා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය රාජ්‍ය අංශයෙන් එහා ගිහින් පෞද්ගලික අංශයෙදිත් ක්‍රියාත්මක කරන්න.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ,
වෛද්‍ය වැඩ වර්ජනය සම්බන්ධව අලුත්ම තත්ත්වය මොකක්ද කියන එක අපි පැහැදිලිවම දැනුම් දුන්නා ජනාධිපතිතුමට කිව්වා සෞඛ්‍ය ඇමතිතුමාට කිව්වා, මුදල් ඇමතිට කිව්වා මුදල් අමාත්‍යංයේ ලේකම්තුමාට කිව්වා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාධරණීය ඇහුම්කම් දීමක් කරනන් කියලා. අපි කරුණු 10 ක් සම්බන්ධයෙන් කතා කරා. විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට අදාළ වන ප්‍රශ්න එතන තිබ්බා. සෞඛ්‍ය ක්ෂත්‍රයට අදාළ වන ප්‍රශ්න එතන තිබ්බා. විශේෂයෙන්ම බදු ප්‍රතිපත්තිය ගැන තිබ්බ ප්‍රශ්නය සිංගප්පුරු වෙළෙඳ ජාතික ප්‍රතිපත්තියකින් තොරව ඉස්සරට යන ඒක පිළිබඳ ප්‍රශ්නය. අපි දැක්කා පර්ලිමේන්තුවේ ඒ සියල්ල සම්බන්ධයෙන් ඇති වෙච්ච ජවනිකා සියල්ල. ඉතාම පැහැදිලිව රටටම මොන තරම් බොරු කියලා තියෙනවාද කියන ඒක සම්බන්ධයේන හොඳටම පැහැදිලි කිරීම ලැබුණේ පර්ලිමේන්තු විවාදයෙන්.