වේලායුධය රැගත් පෙරහැර කතරගම පුදබිම බලා ගමන් අරඹයි

by Staff writer 23-07-2018 | 1:20 PM
ආඩිවේල් ශක්ති වේල් මංගල්‍ය වෙනුවෙන් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයට රැගෙන ආ කතරගම දෙවිදුන්ගේ සුරතෙහි රැඳි වේලායුධය රැගත් රිය පෙරහැර අද කතරගම පූජා භූමිය බලා ගමන් ආරම්භ කළේ ය. අද උදෑසන පැවති විශේෂ පූජාවලින් අනතුරුව පෙරහැර කතරගම බලා ගමන් කිරීම ආරම්භ විය. වේලායුදය රැගත් රිය පෙරහැර වැල්ලවත්ත, දෙහිවල, නුගේගොඩ, මහරගම හරහා මාතර හම්බන්තොට කතරගම පුදබිමට ළඟා වීමට නියමිතයි. යාපනය ඓතිහාසික සෙල්වසන්නිධි කෝවිලේ සිට වැඩම කෙරුණු වේලායුදය දින ගණනක චාරිකාවකින් පසුව සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයට ඊයේ වැඩම කෙරුණේ චිචිත්‍රවත් පෙරහැරකින් . ඊයේ දිනය පුරා බැතිමත්හු විශාල පිරිසක් සීමා සහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයට පැමිණ කතරගම දෙවිදුන්ගේ සුරතෙහි රැඳුණු වේලායුධයෙහි ආශිර්වාද ලබා ගත්හ.