රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දුරකතනවලට බාධා

වැලිකඩ දුරකතන සංඥා අවහිර කිරීමේ උපකරණ නිසා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට බාධා

by Staff writer 23-07-2018 | 8:38 PM

COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ සවිකර ඇති ජංගම දුරකතන සංඥා අවහිර කිරීමේ උපකරණ හේතුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු ඒ අවට පිහිට රාජ්‍ය ආයතන රැසක දුරකතන සේවාවන් සඳහා බාධා මතු ව තිබේ.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දුරකතන සංඥා අවහිරතා බහුලව ඇති බව රජයේ මුද්‍රණාලාධිපති ගංගා කල්පනී මහත්මිය පවසා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්ප වාර්තා කළේ ය. හදිසි පණිවිඩ හුවමාරු කිරීමේදී දෙපාර්තමේන්තුව තුළ ඇති දුරකතන පවා මේ හේතුවෙන් අවහිර වී ඇති බව ඇය පෙන්වා දුන්නා ය. මතුවන බාධා මගහැරවීම සඳහා දෙපාර්තමේන්තුව තුළ උපකරණයක් සවිකිරීමට බලාපොරොත්තු වන බව ද ඇය පුවත්පතට පවසා තිබේ. පාර්ලිමේන්තුවේ හා ජනාධිපති කාර්යාලයේ විශේෂ මුද්‍රණ කටයුතු මේ හේතුවෙන් පමා වන බව ද සඳහන් ය. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් රජයේ මුද්‍රණාලාධිපතිගෙන් විමසීමක් කළේ ය. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලාධිපති, ගංගා කල්පනී ලියනගේ,
බන්ධනාගාර රැඳවියන්ට කෝල්ස් ගන්න ජෑමර් එක දාලා තියෙන එකෙන්. අපගේ ආයතනවලට වැඩියෙන් බලපාලා තිබෙනවා ඒක මොකද අපිට ඇතුළේ හැම තිස්සේම අපිට එක එක ආයතනවලට සම්බන්ධ වෙන්න තිබෙනවා. ආයතනය ඇතුළෙත් අපිට සම්බන්ධ වෙන්න ඕන එක එක්කෙනා එක්ක ඒ ජෑමර් එක දාල තියෙනවයින් අපිට ඒක ලොකු බාධාවක් වෙලා තිබෙනවා. එතකොට අපිනම් දන්න එකම විසඳුම තමයි ඇතුළතට ෆොන්ස් ගෙනියන්න නොදෙන එක.