වාර විභාග ප්‍රතිඵල පාසල් නිවාඩුවට පෙර

වාර විභාග ප්‍රතිඵල පාසල් නිවාඩුවට පෙර ලබා දෙන්නැයි උපදෙස්

by Staff writer 23-07-2018 | 4:23 PM

COLOMBO (News 1st) - වාර විභාග ප්‍රතිඵල පාසල් නිවාඩුවට පෙර සිසුන් වෙත ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පාසල් විදුහල්පතිවරුන් වෙත උපදෙස් දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ ප්‍රතිඵල පාසල් නිවාඩුවෙන් පසු ලබාදීමෙන් දරුවන්ගේ ප්‍රගතිය මැන බැලීමට දෙමව්පියන්ට සහ දරුවන්ට නොහැකිවන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගෙන අධ්‍යාපන ලේකම්වරයා මෙම උපදෙස් දුන් බවයි. ඒ අනුව සිසුන්ගේ ප්‍රගතිවාර්තා අදාළ පාසල් වාරය අවසන්වීමට පෙර දෙමව්පියන් අතට පත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා උපදෙස් ලබාදී ඇත.