පකිස්ථානයේ ෆක්හර් සමාන්ගෙන් වාර්තාවක්

ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස සමාන් වාර්තා අතරට එක්වෙයි

by Sagarika Chathumali 23-07-2018 | 10:13 AM
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස පකිස්ථානයේ ෆක්හර් සමාන් වාර්තා අතරට එක් විය. ඔහු මෙම වාර්තාව පිහිටුවූයේ ඉනිම 21ක් තුළදීයි. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති පස්වැනි එක්දින ක්‍රිකට් තරගයේදී ෆක්හර් සමාන් මෙම වාර්තාව පිහිටුවීය. ඔහු එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 85කි. සමාන් මෙම තරගාවලියේදී ලකුණු 515ක් රැස් කළේ ය. ඒ අනුව එක් රටකට එරෙහිව පැවැති එක්දින තරගාවලියකදී දෙවැනියට වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු වන්නේ ද ඔහුයි. ඉන්දීය නායක විරාත් කෝලි එහි පෙරමුණේ පසු වේ. මේ අතර සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය තරග 5ට 0ක් ලෙස ජය ගැනීමට පකිස්ථානය සමත් විය. ඒ ඊයේ පැවැති පස්වැනි තරගය ලකුණු 131කින් ජය ගැනීමත් සමගයි. බුලවායෝහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය කඩුලු 4කට රැස් කළ ලකුණු 364ට පිළිතුරු ලෙස පන්දුවාර 50 අවසන් වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4කට ලකුණු 233ක් රැස් කරගෙන සිටියේ ය.