ගාල්ල සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් වෙයි..

බූස්ස බන්ධනාගාරය නිසා උණුසුම් වූ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

by Staff writer 23-07-2018 | 8:59 PM

COLOMBO (News 1st) - ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර අද උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ, ගාල්ල බූස්ස බන්ධනාගාරය එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ගෙන ඇති බව කියන යෝජනාවක් සම්බන්ධයෙන් මතු වූ ගැටලුවකදී ය. ගාල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීම අද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් විණි. අදාළ යෝජනාව සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටු සමසභාපති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ට්ආරච්චි මහතා අදහස් පළ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය ඇති විය. ඊට දකුණු පළාත් සභවේ සන්ධානය නියෝජනය කරන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර, සම්මු ආරිවයංශ යන මන්ත්‍රීවරුන් ද මැදිහත් විණි.