ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියේ ජයගනී

ද. අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

by Staff writer 23-07-2018 | 1:38 PM
දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව අද ජය ගත්තේ ය. ඒ, කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 199කින් ජය ගැනීමත් සමගයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 338ට පිළිතුරු ලෙස දකුනු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 124කට දැවී ගියේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සිය දෙවැනි ඉණිම කඩුලු 5ක් දැවී ලකුණු 275ක් රැස් කරගෙන සිටියදී අත්හිට වූ අතර ඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 490ක ඉලක්කයක් හිමි විය. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් පන්දුවාර 86යි පන්දු 5කදී ලකුණු 290කට දැවී ගියේ ය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ, ලකුණු 278කිනි.