දුම්රිය තාක්ෂණික නිලධාරීන් අකුරට වැඩ

දුම්රිය තාක්ෂණික නිලධාරීන් අකුරට වැඩ

දුම්රිය තාක්ෂණික නිලධාරීන් අකුරට වැඩ

කර්තෘ Sagarika Chathumali

23 Jul, 2018 | 7:29 am

COLOMBO (News 1st): දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරිමේ අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

එහි ලේකම් කමල් පිරිස් මහතා පැවසුවේ, සිය ගැටලුවලට මෙතෙක් විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමින් වර්ජනය ක්‍රියාත්මක බවයි.

මේ අතර මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ, ඔවුන් සමග ඕනෑම අවස්ථාවක සාකච්ඡාවකට සූදානම් බවයි.

කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් නැතැයි, News 1st කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]