කැනඩාවේ ටොරොන්ටෝහි වෙඩි තැබීමක්

කැනඩාවේ ටොරොන්ටෝහි වෙඩි තැබීමක්

කැනඩාවේ ටොරොන්ටෝහි වෙඩි තැබීමක්

කර්තෘ Sagarika Chathumali

23 Jul, 2018 | 11:53 am

කැනඩාවේ ටොරොන්ටෝහි සිදු වූ වෙඩි තැබීමකින් තරුණියක මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වෙඩි තැබීමෙන් පසු සිදුවූ වෙඩි හුවමාරුවේදී වෙඩික්කරු ද ජීවිතක්ෂයටපත්ව ඇති බවයි.

තුවාල ලබූවන්ගෙන් එක් තරුණියකගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර තොරුතුරු තවමත් හෙළි වී නොමැත.

සිද්ධිය වන අවස්ථාවේ ප්‍රදේශයේ අවන්හලක සිටි කාන්තාවක පවසා ඇත්තේ, සිය පවුලේ සාමාජිකයින් සමග සිටින අවස්ථාවේ ප්‍රදේශයේ රතිඤ්ඤා පිපිරීම් වැනි ශබ්ද 10 ත් 15ත් අතර සංඛ්‍යාවක් ඇසුණු බව ත් ඒ සමගම ජනතාව කෑ ගසනු ඇසුණු බව ත් ය.

කෙසේ වෙතත් වෙඩි තැබීමසම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැත.