බන්ධනාගාර නියාමකවරුන් 6ක් ගැන විමර්ශන

රැඳවියන්ට සහය දෙන බන්ධනාගාර නියාමකවරුන් 6ක් ගැන විමර්ශන

by Chathuranga Rajapaksha 22-07-2018 | 1:08 PM

COLOMBO (News 1st) - බන්ධනාගාරගතව සිටින, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට සහය පල කරන නියාමකවරුන් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔවුන් ජංගම දුරකතන ඇතුළු නීතිවිරෝධි උපකරණ රැඳවියන්ට ලබාදීම වැනි අක්‍රමිකතාවලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව ය. එවැනි නිලධාරින් 6 දෙනෙකු සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඔවුන් කොළඹ කේන්ද්‍ර කරගත් බන්ධනාගාරවල සේවය කරන නිලධාරින් වේ. වසරේ මේ දක්වා කාලය තුළ එවැනි අක්‍රමිකතාවලට සම්බන්ධ, බන්ධනාගාර නියාමකවරුන් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව ද, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.