අසීෆ් අල් සල්දාරි ඇතුළු 20දෙනෙකුට නඩු

පකිස්ථාන හිටපු අගමැති අසීෆ් අල් සල්දාරි ඇතුළු 20දෙනෙකුට නඩු

by Staff writer 22-07-2018 | 9:51 AM

COLOMBO (News 1st) - මුදල් විශුද්ධිකරණය යටතේ පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය අසීෆ් අල් සර්දාරි සහ ඔහුගේ සොහොයුරිය ඇතුළු 20 දෙනෙකුට එරෙහිව එරට අධිකරණයකින් නඩු පවරා තිබේ.

ඒ, පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් පකිස්ථාන ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ නිලධාරීන් සඳහන් කළේ, ඔවුන් අධිකරණය මග හරිමින් සිටින බව ය. ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ රුපියල් බිලියන 35 ක වංචාවක් සම්බන්ධයෙනි. ඊට අදාළව චෝදනා ලැබූවන්ට අතරට පකිස්තාන හිටපු අගමැති අසීෆ් අල් සර්දාරී, ඔහුගේ සොහොයුරිය වන ෆාර්යල් තල්පූර්, පෞද්ගලික බැංකුවක සභාපතිවරයෙක් ඇතුළු මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් 20 දෙනෙකු ඇතුළත් ය.