ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක්

ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක්

by Sagarika Chathumali 22-07-2018 | 10:09 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක් පැන වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ දකුනු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙනි. දකුනු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ධනුෂ්ක ගුණතිලක, ක්‍රීඩක ආචාර ධර්ම කඩ කළ බවට කණ්ඩායම් කළමනාකාරීත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ. එම ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ධනුෂ්කට අදාළ කරුණු විමසීම තවදුරටත් සිදු කරන බවයි. එම විමර්ශන කටයුතු නිමා වීමෙන් අනතුරුව මේ වන විට ක්‍රියාත්මක වන දකුනු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ධනුෂ්කට හිමි තරග ගාස්තුව ලබා දෙන්නේ ද යන්න තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව මෙම දඬුවම ක්‍රියාත්මක වීමට නියමිතයි.