දියේ ගිලීමෙන් තිදෙනෙකු මරුට

දියේ ගිලීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ කාන්තාවක් මරුට

by Staff writer 22-07-2018 | 9:23 AM

COLOMBO (News 1st) - මස්කෙලිය, ගාඩ්මෝර් ඔයේ ගිලීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, 69 හැවිරිදි ගාඩ්මෝර්වත්ත පදිංචිකාරියක් එලෙස මියගොස් ඇති බව ය. ඇයගේ මෘත ශරීරය නාවලපිටිය රෝහලේ තැන්පත් කර තිබේ. මේ අතර වේයන්ගොඩ, තල්ගස්මොටේ දී ඇල්ල ඔයේ දියනෑමට දිය පාසල් සිසුන් දෙදෙනෙකු ද ඊයේ දියේ ගිලී මියගොස් තිබේ. ඔවුන් 16 හැවිරිදි නිට්ටඹුව, පින්නදොලවත්ත සහ පත්තලගෙදර පදිංචිකරුවන් වේ.