දකුණු අප්‍රිකාව අසරණ කළ ශ්‍රී ලංකාවට වැඩි වාසි

දකුණු අප්‍රිකාව අසරණ කළ ශ්‍රී ලංකාවට වැඩි වාසි

by Staff writer 22-07-2018 | 8:30 AM

COLOMBO (News 1st) - තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 151කි. ඒ අනුව ශ්‍රී ලංකාව කඩුලු 7ක් අතැතිව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 365ක් ඉදිරියෙන් සිටී. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදීත් පළමු කඩුල්ලට ලකුණු 91 ක සාර්ථක සබඳතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරු යුගල වන ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න සමත් විය. ධනුෂ්ක ගුණතිලක සිය ටෙස්ට් දිවියේ දෙවන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 61 ක් ලබා ගත්තේය. ඊයේ දිනය අවසන් වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ 17 වන අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 59ක් රැස් කරගෙන සිටී. තරගයේ කාසිය වාසිය හිමිකර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 338 ට පිළිතුරු ලෙස දකුනු අප්‍රිකා කන්ඩායමට සියළු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 124 ක් පමණි. අකිල ධනංජය ලකුණු 52ට කඩුලු 5ක් දවා ගත්තේය. ඩිල්රුවන් පෙරේරා ලකුණු 40ට කඩුලු 4යි. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩක අකිල ධනංජය.