ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලිය 30% කට අඩු කෙරේ

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 30% දක්වා සීමා කිරීමට නව නීති

by Staff writer 22-07-2018 | 6:32 PM

COLOMBO (News 1st) - දැනට 40% සිට 220% පමණ දක්වා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් ජනතාවගෙන් අය කරනු ලබන ණය පොලී අනුපාතය 30% දක්වා අඩු කිරීමේ නව නීති ගෙන එන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති උත්සවයකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා බවයි. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු, නැගෙනහිර පළාත්වල ජනතාව ණය බරෙන් මිරිකී සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. කිසියම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් එම නීතිරීති අනුව කටයුතු කිරීමට අපොහොසත් වන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මකවීමට සූදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.