අමෙරිකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය කැලෑ නීතිය වගේ

අමෙරිකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය කැලෑ නීතිය වගේ - ප්‍රංශ මුදල් ඇමති

by Staff writer 22-07-2018 | 9:11 AM

(News 1st) - ජාත්‍යන්තර වෙළෙඳ යුද්ධය යථාර්ථයක් වී ඇති බවට ප්‍රංශය අනතුරු අඟවයි.

ප්‍රංශ මුදල් අමාත්‍ය බුරුනෝ ලී මයිරේ මේ බව සදහන් කළේ ආජන්ටිනාවේ පැවැත්වෙන ජී 20 රටවල අමාත්‍ය සමුළුවේදී ය. අමෙරිකාවේ වත්මන් වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් වී ඇත්තේ කැලෑ නීතිය පදනම් කර ගනිමින් බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් බලපෑමට ලක්ව ඇති රටවල් ගණන 28 කි.