සූර්මා චිත්‍රපටයට සතියක් තුළ වාර්තාගත ආදායමක්

by Staff writer 21-07-2018 | 3:54 PM
(News 1st) - දිලිජිත් දූසාන්ජ් සහ තාප්සි පන්නු රංගනයෙන් එක් වන සූර්මා බොලිවුඩ් චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කර දින 7ක් තුළ ඉන්දීය රුපියල් කෝටි 21කට අධික ආදායමක් ඉපයීමට සමත්ව තිබේ. සූර්මා චිත්‍රපටයට පදනම්ව ඇත්තේ, ජාත්‍යන්තර ජයග්‍රහණ කරා මෙන් ම ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ද ඉන්දීය හොකී කණ්ඩායම මෙහෙය වූ සන්දීප් සිං නමැති හොකී ක්‍රීඩකයාගේ ජීවිත කතාව යි. තරුණ වියේදී අබාධයකට ලක්වීම හේතුවෙන් සන්දීප්ට හොකී ක්‍රීඩාවෙන් තාවකාලිකව බැහැර වීමට සිදු වන අතර පසුව ඔහු එම ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් ඉන්දීය හොකී ක්‍රීඩාවට සිදු කළ මෙහෙය අගයමින් මෙම චිත්‍රපටය නිපදවා තිබීම විශේෂත්වයකි. සූර්මා චිත්‍රපටය ෂාද් අලිගේ අධ්‍යක්ෂණයකි.