සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ පිටු 418ක් අතුරුදන්

by Staff writer 21-07-2018 | 8:03 PM
COLOMBO (News 1st) - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යංශය මගින් පසුගියදා අත්සන් කළ සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මෙතෙක් සම්පූර්ණයෙන් ජනතාවට ප්‍රසිද්ධ කර නොමැති බවට වෘත්තිකයෝ චෝදනා කරති. සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ පිටු 1500ක් ඇති බවට අමාත්‍යංශය ප්‍රකාශ කළ ද ජනාතවට ඉදිරිපත් කළ ගිවිසුමේ ඇත්තේ පිටු 1082ක් පමණක් බවට වෘත්තිකයෝ පෙන්වා දෙති. ඒසේ නම් ඉතිරි පිටු 418ට හිතාමතා වසන් කළා ද? මෙම ගිවිසුම අත්සන් තැබීමේදී කැබ්නට් මණ්ඩලය පවා නොමග යැවූ බවට විශාල චොදානාවක් එල්ල විය. එවැනි පසුබිමක් තුළ ගිවිසුමේ ඇතැමි පිටු සැඟවීමෙන් සිදු කරනුයේ රටේ ජනතාවට මෙම තොරතුරු වසන් කිරීමක් ද ?