ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 338 කට සීමා වේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 338 කට සීමා වේ

by Hashini De Mel 21-07-2018 | 11:28 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවන දිනටත් කොළඹ එස්. එස්. සී පිටියේදී පැවැත්වේ.

දෙවන දිනටත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සියල්ලන් දැවි ලකුණු 338 ලබා ගෙන සිටි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස දැවි ගියේ ලකුණු 35 ලබා ගෙන සිටි රංගන හේරත් ය. රංගන හේරත්ගේ කඩුල්ල දවා ගනු ලැබුවේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක මහාරාජ් වේ. කේෂව් මහරාජ් පන්දුවාර 41 කදි ලකුණු 129 කට කඩුලු 9 ක් දවා ගැනීමට සමත් විය. මේ තරගයේදී වසර 8 කට පසුව මෙරට පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැගීමට දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක ඊයේ සමත් විය. ඒ, පළමු කඩුල්ලට ලකුණු 116 ක සබඳතාවයක් ගොඩනගමිනි.