by Staff writer 21-07-2018 | 10:29 PM
COLOMBO (News 1st) - බලංගොඩ සමනලවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 10ක පිරිමි දරුවෙකු අතුරුදන්ව තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ පස්වරුවේ සිට දරුවා අතුරුදන්ව සිටින බව ය.
සමනළවත්ත විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සහන් කුමාර ධර්මසිරි ඊයේ පස්වරුවේ පාසල් අවසන් වී නිවසට පැමිණීමෙන් අනතුරුව නිවසින් පිටව ගොස් ඇත්තේ දර කැඩීමට ගිය සිය පියා සෙවීමේ අරමුණින් ය.
සවස් වන විටත් සහන් නිවසට නොපැමිණි නිසා දෙමාපියන් පොලීසිය ද දැනුවත් කර තිබේ.
අද දෙවන දිනටත් ප්‍රදේශවාසීන් හා පොලීසිය පුංචි සහන් සොයා මෙහෙයුම් දියත් කළේ ය.
ඒ, පොලිස් සුනඛයින් ද යොදා ගනිමිනි.
නමුත් සහන් පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොලැබුණු අතර ගම අවට පසුගිය දිනවල සැරි සැරූ දිවියන්ගේ ගොදුරක් බවට දරුවා පත් වූවාදැයි සැක කෙරේ.