by Staff writer 21-07-2018 | 12:46 PM
COLOMBO (News 1st) - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා විශාල පිරිසක් අද විරෝධතාවක නිරත වූහ.
ඔවුන් මෙලස විරෝධතාවක නිරත වුණේ, මාතර - කොළඹ ප්‍රධාන මාර්ගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසලින් අවහිර කරමිනි.
පැය 2කට ආසන්න කාලයක් පැවති විරෝධතාවය හේතුවෙන් මාතර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති විය.
අප වාර්තාකරු පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි, රමේෂ් පතිරණ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ ඇතුළු පිරිසක් ද මෙම ස්ථානයට පැමිණ සිටි බව ය.
පසුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ආරක්ෂා කර දෙන බවට වූ පොරොන්දුවක් මත පිරිස විසිර ගියහ.