ගම්මැද්ද V'Force ඇරඹීමට සියල්ල සූදානම්

ගම්මැද්ද V'Force ක්‍රියාන්විතය ලෝක උරුම සීගිරියෙන් ඇරඹීමට සියල්ල සූදානම්

by Staff writer 21-07-2018 | 7:11 AM

COLOMBO (News 1st) - නිව්ස්ෆස්ට් - ගම්මැද්ද V'Force ක්‍රියාන්විතය අද පෙරවරුවේ ආරම්භවීමට නියමිත වේ.

ඒ, ඓතිහාසික සීගිරි උතුරු පිවිසුම අසළිනි. ඈත දුෂ්කර ගම්මානවල සිටින ජනතාවගේ ගැටලු විසදීමේ අරමුණින් ගම්මැද්ද ක්‍රියාන්විතය අප ආරම්භ කළේ, මීට වසර දෙකකට පෙරයි. ඉන් නොනැවතුණු අප ගම්මැද්ද වැඩදහසක් ක්‍රියාන්විතය ආරම්භ කළේ, හඳුනාගත් ජනතා ගැටලුවලට සැබෑම විසඳුම් ලබාදෙමිනි. මේ වන විට ගම්මැද්ද වැඩදහසක් ක්‍රියාන්විතය යටතේ ජනතා අයිතියට පත් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව සිය ගණනකි. එහි තව ත් පියවරක් තබමින් ගම්මැද්ද VForce ක්‍රියාන්විතය අද, අප ආරම්භ කරන්නේ රටක් වෙනුවෙන් සුන්දර හෙටක් තැනීමේ ඒකායන පරමාර්ථයෙන් යුතුවයි.