කබල්ලෑ පොතු තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට

කබල්ලෑ පොතු හා කොතල හිඹුටු තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට

by Staff writer 21-07-2018 | 10:46 AM

COLOMBO (News 1st) - කබල්ලෑ පොතු හා කොතල හිඹුටු තොගයක් සමග චීන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, එහි වටිනාකම රුපියල් 9 ලක්ෂයකට ආසන්න බවයි. ඔහු අද අලුයම චීනය බලා යාමට පැමිණි අවස්ථාවේදී අත්අඩගුවට ගෙන ඇත. 36 හැවිරිදි චීන ජාතිකයා මෙරට වාරි ව්‍යාපෘතියකට අනුයුක්තව සේවය කරන අයෙකි. අදාළ කොතල හිඹුටු සහ කබල්ලෑ පොතු තොගය රාජසන්තක කර තිබේ. සැකකරුට රුපියල් 50,000 ක දඩයක් නියම කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.