ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්

කතරගම පෙරහැර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්

by Staff writer 21-07-2018 | 10:18 AM

COLOMBO (News 1st) - කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.

අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට මාතර දක්වා අතිරේක දුම්රිය සේවා යොදවා ඇති බවයි. කතරගම ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය ද දෛනිකව අතිරේක බස් රථ 25 ක් පමණ යොදවා ඇත.