ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක රිමාන්ඩ්

අල්ලස් ලබා ගත් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක රිමාන්ඩ්

by Staff writer 21-07-2018 | 1:48 PM

COLOMBO (News 1st) - අල්ලසක් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක මහගමගේ ගාමිණි මහතා ලබන 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් පන්නිපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ලබා ගැනීමට යාමේදීයි. වසර 10 ක් පැරණි වාහන දෙකක් නීත්‍යානුකූලව ජපානයෙන් ගෙන්වා ගැනීමට අදාළ නිර්දේශ ලබාදීම වෙනුවෙන් අදාළ අල්ලස් මුදල ලබාගෙන ඇත. අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ අධක්ෂ්‍ය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, මීට පෙර නිර්දේශය ලබාදී ඇති අතර අදාළ අල්ලස ලබා නොදුනහොත් එය අවලංගු කරන බවට තර්ජනය කරමින් අදාළ අල්ලස ලබාගෙන ඇති බවයි.