ඉන්දීය ධීවරයින් මෙරටින් භූමිතෙල් සැපයීමේ ජාවාරමක්

ඉන්දීය ධීවරයින් මෙරටින් භූමිතෙල් සැපයීමේ ජාවාරමක් හෙළිවෙයි

by Staff writer 21-07-2018 | 10:58 AM

COLOMBO (News 1st) - ඉන්දීය ධීවරයින් සඳහා භූමිතෙල් සැපයීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවයි. භූමිතෙල් මිල පහත දැමීමත් සමග නීති විරෝධීව බස් සහ ලොරි රථ සඳහා භූමිතෙල් භාවිත කිරීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.