වසර 8කට පසු පළමු කඩුල්ලට ශතක සබඳතාවක්

වසර 8කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පළමු කඩුල්ලට ශතක සබඳතාවක්

by Staff writer 20-07-2018 | 7:08 PM

COLOMBO (News 1st) - වසර 8කට පසුව මෙරට පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැගීමට දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක අද සමත් විය.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි අද එස්.එස්.සී. ක්‍රිඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය. අද දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 277කි. කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක ඉනිම ආරම්භ කළේය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබදතාව ලකුණු 116කි. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයක් වසර 8කට පසුව මෙරට පැවැති ටෙස්ට් තරගයකදී ගොඩනැගූ ඉහළම ලකුණු සබදතාව මෙය වේ. කරුණාරත්න ලකුණු 53ක් රැස් කළේය. ගුණතිලක ලකුණු 57යි. කුසල් මෙන්ඩිස් ලකුණු 21කට පිටියෙන් ඉවත් විය. මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ලකුණු 5000 සීමාව අද පසු කළේය. මැතිව්ස්ට රැස් කිරිමට හැකි වූයේ ලකුනු 10ක් පමණි. ධනංජය ද සිල්වා තම දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය අද වාර්තා කළේය. රොෂේන් සිල්වාට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 22ක් පමණි. කගීසෝ රබාඩා ටෙස්ට් කඩුලු 150 සීමාව අද පසු කළේය. කේෂව් මහරාජ් පන්දුවාර 32කදි ලකුනු 116ට කඩුලු 8ක් දවා ගත්තේය.