අයිස් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු කොටුවෙයි

රු. ලක්ෂ 96 අයිස් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු කොටුවෙයි

by Chathuranga Rajapaksha 20-07-2018 | 10:39 PM

COLOMBO (news 1st) - අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 806 ක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය මගිනි. අයිස් මත්ද්‍රව්‍ය රුපියල් ලක්ෂ 96කට අධික වටිනාකමින් යුත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. එම ඉන්දීය ජාතිකයා බැංගලෝර් සිට මෙරටට පැමිණෙමින් සිටියදී එලෙස අත්අඩංගුවට පත් විය. ඡායාරූපය  - පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය