මහියංගනයේදී වැලි ගොඩකට යට වීමෙන් පුද්ගලයෙකු මරුට

මහියංගනයේදී වැලි ගොඩකට යට වීමෙන් පුද්ගලයෙකු මරුට

by Staff writer 20-07-2018 | 10:10 AM
COLOMBO (News 1st) - මහියංගනය අක්කර 80 ප්‍රදේශයේදී වැලි ගොඩකට යට වීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මහවැලි ගඟ අසල කැණීම් කරමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බව ය. මිය ගොස් ඇත්තේ, මහියංගනය ප්‍රදේශයේ ම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක ය.