තවත් පාතාල කල්ලි සාමාජිකයෙකුට මරණ දඬුවම

තරුණයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ පාතාල කල්ලි සාමාජිකයෙකුට මරණ දඬුවම

by Staff writer 20-07-2018 | 10:43 AM
COLOMBO (News 1st) - තරුණයින් තිදෙනෙකු ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ පාතාල කල්ලි සාමාජිකයෙකු යැයි පැවසෙන මෙහොමඩ් රවුෆ් මොහොමඩ් හිල්මි හෙවත් ගමා නමැත්තාට අද මරණ දඬුවම නියම කෙරිණි. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ඊට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී තරුණයින් 3 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ, 2006 වසරේ නොවැම්බර් 2 වන දා ය.