ගෝඨාභය අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

ගෝඨාභය රාජපක්ෂට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

by Staff writer 20-07-2018 | 9:42 PM

COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට සැප්තැම්බර් 7 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසී යැවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද නියෝග කළේය.

තංගල්ල වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රජයේ මුදල් රුපියල් මිලියන 81 ක් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද යළි විමසා බැලුවේය. නීතිපති උපදෙස් පරිදි නඩුව ගොනුකර තිබුණේ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයයි. ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, උදුලාවතී කමලදාස, කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, දේවක මහින්ද සාලිය, ශ්‍රීමතී මල්ලිකා කුමාරි සේනාධිර යන මහත්ම මහත්මීන් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අමරතව නොතීසි නිකුත් කළ අනෙක් පාර්ශවයන් වේ.