ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 20-07-2018 | 7:13 AM
COLOMBO (News 1st)  1. දකුණු පළාතේ සිදුවූ විවිධ අපරාධවලට සම්බන්ධ තොරතුරු රැසක් අර්ජුන් ඇලෝසියස් රඳවා සිටි බන්ධානාගාර වාට්ටුවේ තිබී සොයාගත් ජංගම දුරකතන හා සිම් කාඩ්පත් පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දුන්නේ ය. 2. අල්ලස් චෝදනාවකට වරදකරු වූ අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ වසර 5ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේ ය. 3. මත්තල ගුවන් තොටුපොළේ හිමිකාරීත්වය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළේ ය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, යුද ගුවන් යානා යුදමය කටයුුතු හා සම්බන්ධ කිසිවකට ගුවන්තොටුපොළ භාවිත කිරිමට අවසර නොදෙන බවයි. 4. මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ශ්‍රී ලංකා රජයේ වියදමින් රුපියල් දෙකෝටියකට අධික සුඛෝපභෝගී නිවාඩුක් ගත කිරීම සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකුට දින 30 ක් එරට පාර්ලිමේන්තුව තහනම් කර තිබේ. 5. චීන සමාගම්වලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින්ට ලැබුණු බව කියන මුදල් පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේ ය. විදෙස් පුවත් 6. තුර්කියට පනවා තිබූ හදිසි තත්ත්වය ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. වසර දෙකක කාලයක් ක්‍රියාත්මක වූ එම හදිසි තත්ත්වය පැනවීමට මුල් වූයේ, 2016 වසරේ තුර්කි ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයයි. ක්‍රීඩා පුවත් 7. තමා වයස අවුරුදු 40වන තෙක් තරග බිමෙන් සමුගැනීමේ සූදානමක් නොමැති බව බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා පවසයි.