ගල් කොරියකට බලපත්‍ර දීමට යාමේදී උණුසුම් තත්ත්වයක්

ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ ගල් කොරියකට බලපත්‍ර ලබා දීමට යාමේදී උණුසුම් තත්ත්වයක්

by Staff writer 20-07-2018 | 12:26 PM
COLOMBO (News 1st) - ගාල්ල වඳුරඹ කීඹිකන්ද ලිට්නස්වත්ත ප්‍රදේශයේ ගල් කොරියකට බලපත්‍ර ලබා දීම සඳහා පරීක්ෂණාත්මක පිපිරීමක් සිදු කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශ නිලධාරීන් එම ස්ථානයට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය. අප වාර්තාකරු පැවසුවේ, මීට පෙර ද මෙම ගල් කොරිය සඳහා බලපත්‍ර ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ මෙවැනිම උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ය. අනතුරුව ගල් කොරියට බලපත්‍ර ලබා දීම සඳහා පරීක්ෂණාත්මක පිපිරීමක් සිදු කිරීමට පැමිණි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශ නිලධාරීන් බලපත්‍ර නොදී පිටව ගොස් තිබේ.