ගාල්ල ක්‍රීඩාංගණය ඉවත් කිරීමට මහේලත් විරුද්ධ වෙයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමට මහේලත් විරුද්ධ වෙයි

by Staff writer 20-07-2018 | 1:00 PM
COLOMBO (News 1st) - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව නැවතත් අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටීම හේතුවෙන් එය මේ වන විට ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ අසමසම ක්‍රීඩාංගණයක් බවට පත්ව ඇති බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහේල ජයවර්ධන ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යනු සාර්ථකම ක්‍රීඩාංගණයක් බව එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ය. එම නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව නැවතත් අවධානය යොමු කරන ලෙස තමන් කාරුණිකව ඉල්ලා සිටින බව මහේල එහි සඳහන් කර තිබේ.