ගම්මැද්ද V'Force  සීගිරියේදී හෙට ඇරඹෙයි

ගම්මැද්ද V'Force පළමු අදියර සීගිරියේදී බලගැන්වීමට සියල්ල සූදානම්

by Chathuranga Rajapaksha 20-07-2018 | 7:46 PM

COLOMBO (News 1st) -  මෙරට තරුණ නායකයින් බලගැන්වෙන නිව්ස්ෆස්ට් නවතම ක්‍රියාන්විතය ගම්මැද්ද වී ෆෝර්ස්...

එහි පළමු අදියර හෙට සීගිරියේදී ආරම්භ වීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර තිබේ.

ගම්මැද්ද වැඩසටහන යටතේ වී ෆොර්ස් වැඩසටහන කරළියට පැමිණෙන්නේ මෙරට ස්වෙච්ඡා ක්‍රියාකාරීන්ට නායකයින් ලෙස ඉදිරියට යාමට අවස්ථාව උදාකර දෙමින්. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා
ගම්මැද්ද ස්වෙච්ඡා වැඩසටහන මෙරට මාධ්‍ය ඉතිහාසයේත් ඒවාගේම ශ්‍රී ලංකාවේ ජාතික උරුමය සම්බන්ධයෙනුත් ඉතාම සුවිශේෂි වැඩසටහනක් ලෙස හදුන්වන්න පුළුවන්. මෙවැනි වැඩසටහන් සිරස මාධ්‍ය ජාලය මගින් සම්පාදනය කිරීම තුළින් මෙරට ජාතික උරුමය ආරක්ෂා කිරීමත් ඒවාගේම අපේ අනාගත පරපුර සදහා මෙවැනි උරුම ස්ථානවල වටිනාකම දායාද කිරීම සදහා ගන්නා ප්‍රයත්නය ඉතාම ප්‍රසංශනීය තත්ත්වයක්
මේජර් එන්.ඒ.ඒ.ඒ. නිශාන්ත මහතා - ව්‍යාපෘති කළමනාකරු (මධ්‍යම සංස්කෘතික අරමුදල - සීගිරිය ව්‍යාපෘතිය)
අපගේ නිලධාරීන් විසින් ඒ ශ්‍රමදානය අධීක්ෂණය කරනවා.ඒවාගේම එම වැඩසටහනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීගිරි කාර්යාලයේ සහයෝගයද මේ අධීක්ෂණ කටයුතු සදහා අපට ලබාදෙනවා. ඉතින් අපි මේකට ආරාධනා කරනවා සීගිරියට ඇලුම් කරන සීගිරියට ආදරය කරන යම් පිරිසක් ඉන්නවා නම් ඒ ගම්මැද්ද විසින් සංවිධානය කරනු ලබන මෙම ශ්‍රමදානයට සහභාගීවෙලා මේ වැඩසටහනට එකතු වෙන ලෙස.
මේ අතර බේරේ වැව සහ ඒ අවට කලාපය පිරිසිදු කිරීමේ වැඩසටහනක් නෝ කුණු ව්‍යාපෘතිය හා එක්ව ගම්මැද්ද වී ෆෝර්ස් හෙට සිදු කෙරේ නෝ කුණු නිර්මාතෘ සුමී මුණසිංහ මහතා
හෙට උදේ 8ට අපි පටන් ගන්නවා බේරේ ලේක් එකේ සීමා මාලකයෙන්. මට හරිම සන්තෝෂයි වී ෆෝර්ස් එක ගැන මොකද මේ වොලන්ටිය ෆෝර්ස් එක දැන් යනවා සීගිරිය සුද්ද කරන්න. මේ කිසි කෙනෙක් සල්ලිවලට නෙවෙයි.ඔක්කෝමලා වොලන්ටියර් කරලා එන්නේ මේක බොහොම හොඳයි