මෝදිගේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය අද

ඉන්දීය අගමැති මෝදිගේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය අද

by Staff writer 20-07-2018 | 9:11 AM
(News 1st) - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට එරෙහිව තෙලිගු දේසාම් පක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද පැවැත්වේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, විශ්වාසභංග විවාදය අද පෙරවරු 11.00ට ආරම්භ කෙරෙන බව ය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජයට එරෙහිව තෙලිගු දේසාම් පක්ෂය පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ආවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇති ගැටලුවලට නිසි විසඳුම් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වූ බවට චෝදනා කරමිනි. කෙසේ වෙතත් විශ්වාසභංගය ජය ගැනීමට නම් මෝදි රජය ඉන්දීය පාර්ලිමේන්තුවේ සභිකයින් 533න් 267ක බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත යුතු වේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, ඉන්දීය කොංග්‍රස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක සභිකයින් 152 දෙනෙකු විශ්වාසභංගයට සහය දක්වන බව ය.