ඉදිරි මැතිවරණය පිළිබඳ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

ඉදිරි මැතිවරණය පිළිබඳ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී

by Staff writer 20-07-2018 | 6:42 AM
COLOMBO (News 1st) - ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් වන පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වේ. ඒ, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම රැස්වීම අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත බව ය. එහිදී ඉදිරි මැතිවරණ පවත්වන ක්‍රමවේදය ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.