40 වන තෙක් සමුදීමට සූදානමක් නැති ඇන්තනි ජොෂුවා...

40 වන තෙක් සමුදීමට සූදානමක් නැති ඇන්තනි ජොෂුවා...

by Staff writer 19-07-2018 | 4:55 PM
(News 1st) - තමා වයස අවුරුදු 40වන තෙක් තරග බිමෙන් සමුගැනීමේ සූදානමක් නොමැති බව බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා පවසයි 28 හැවිරිදි ඇන්තනි ජොෂුවා වෘත්තීය බොක්සිං ක්‍රීඩකයින්ගේ සංගමයේ සුපිරි බඳ පටිය, අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ වෙනුවෙන් ඉදිරියේදී තරග කරයි. ඒ, රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින් සමගිනි. එම තරග ලබන 22 වන දා එංගලන්තයේ වෙම්බ්ලිහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඇන්තනි ජොෂුවා මේ වන විට හෙවිවේට් ලෝක කිරුළට හිමිකම් කියන අතර පසුගිය වසරේදී ඔහු එම ශූරතාව දිනා ගත්තේ යුක්රේනයේ ව්ලැදිමීර් ක්ලිෂ්කෝ පරාජය කරමිනි. හිටපු සුපිරි ක්‍රීඩකයින් මෙන් ම තමන්ට ද 40 වැනි විය වන තෙක් තරග බිමේ රැඳී සිටීමට හැකි වනු ඇතැයි ජොෂුවා විශ්වාසය පළ කරයි.