හිටපු ප්‍රා. ලේකම්වරයෙකුට පස් වසරක සිර දඬුවම්

හිටපු ප්‍රා. ලේකම්වරයෙකුට පස් වසරක සිර දඬුවම්

by Staff writer 19-07-2018 | 9:19 PM
COLOMBO (News 1st) : අල්ලස් චෝදනාවකට වරදකරු වූ  අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද වසර 5 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේ ය. ඒ ගල් කොරියක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීමට නිර්දේශ ලබාදීම සඳහා ගල්කොරි හිමිකරුවෙකුගෙන් රුපියල් පනස් දහසක අල්ලසක් ඉල්ලා සිටීම සහ එය ලබා ගැනීම යන අධිචෝදනා දෙකකට වරදකරු කරමිනි. ඊට අමතරව රුපියල් දස දහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා අල්ලස් ලෙස ලබාගත් රුපියල් පනස් දහසක මුදල දණ්ඩනයක් ලෙස අධිකරණයට අයකර ගැනීමටත් එහිදී නියෝග කළේ ය. 2012 මැයි මස 12 වන දා අකුරණ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස රාජකාරී කරමින් එකී අල්ලස් ලබාගෙන ඇතැයි පැමිණිල්ලේ සඳහන් ය.