මහ කන්නයේ වගා හානිවලට වන්දි මුදල්

මහ කන්නයේ වගා හානිවලට වන්දි මුදල්

by Staff writer 19-07-2018 | 4:27 PM

COLOMBO (News 1st) : මහ කන්නයේ වගා හානි සඳහා වූ වන්දි මුදල් මේ මස අවසන්වීමට පෙර ගොවීන්ගේ බැංකු ගිණුම්වලට යොමු කරන බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා සඳහන් කළේ, රුපියල් මිලියන 1800ක මුදලක් ඒ සඳහා වෙන්කර ඇති බවයි. හෙක්ටර්යාර් එක්ලක්ෂ අනු අටදහසකට අ‍ධික වගා බිම් ප්‍රමාණයක් මෙවර හානි වී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. වීරසිංහ මහතා පැවසුවේ, දිවයිනේ ඇතැම් ප්‍රදේශවල තවදුරටත් වගා හානි තක්සේරු කිරීමේ කටයුතු සිදු කරන බවයි.