මත්තල ඉන්දියාවට දීම ගැන ඇමති කරුණු පහදයි

by Sagarika Chathumali 19-07-2018 | 9:13 PM
COLOMBO (News 1st) : මත්තල ගුවන් තොටුපොළේ හිමිකාරීත්වය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළේ ය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, යුද ගුවන් යානා යුදමය කටයුුතු හා සම්බන්ධ කිසිවකට ගුවන්තොටුපොළ භාවිත කිරිමට අවසර නොදෙන බවයි. ඉන්දියන් එයාර්පෝට් ඔතෝරටි එක මේක විකුනන්න නෙවෙයි ජොයින් වෙන්චර් එකකට හවුල් ව්‍යාපාරයක් වශයෙන් මෙය දියුණු කිරීමට කැමැත්ත ප්‍රකාශකරලා යෝජනාවක් ඉදිරිපත් කළා හවුල් ව්‍යාපාර සමාගමක් හදලා එහි වටිනාකමින් සියයට 70 ක කොටස් ඉන්දීය ගුවන්තොටුපල අධිකාරිය මිලදී ගැනීමටත් ඒ මිලදී ගන්නා මුදල් වලින් මේ තියන ණය කන්දරාව ගෙවලා දාන්න මේ කියන ආකාරයට යුදගුවන් යානා යුදමය කටයුුතු ඒ හා සම්බන්ධ කිසිම දේකට මේ ගුවන් තොටුපල පාවිච්චි කරන්න අපි ඉඩදෙන්නේ නැහැ .ගුවන් ගමන් පත හැසිරවීම කිසිම පිටරැටියෙකුට එන්න බැහැ . මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මත්තල ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේ ය.