by Sagarika Chathumali 19-07-2018 | 5:02 PM
පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ ප්‍රවාහන දීමනාව ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව සඳහන් කළේ, පසුගිය ජුනි මස 15 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම දීමනාව ඉහළ දමා ඇති බවයි.
ඉන්ධන මිල ඉහළ යාමත් සමග පෞද්ගලික ටැංකි රථ හිමියන්ට මුහුණ දීමට සිදුවන ආර්ථික අපහසුතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මේ යටතේ ධාරිතාව අනුව රුපියල් 12.43 කින්, රුපියල් 16.43 කින් සහ රුපියල් 20කින් ප්‍රවාහන දීමනාව ඉහළ දමා තිබේ.