කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

by Staff writer 19-07-2018 | 1:12 PM

COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා හෙට රාත්‍රි 9.00 සිට අනිද්දා පෙරවරු 6.00 දක්වා පැය 9 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව බේස්ලයින් පාරේ කැලණි පාලම මංසන්ධියේ සිට දෙමටගොඩ මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධිත අතුරු මාර්ග, හෙට්ටි වීදිය සහ සියලු අතුරු මාර්ග මෙන්ම කොළඹ 13, 14 හා 15 යන ප්‍රදේශවලට ජල සැලයුම අත්හිටුවනු ඇති. මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.