by Staff writer 19-07-2018 | 9:41 AM
තුර්කියට පනවා තිබූ හදිසි තත්ත්වය ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
වසර දෙකක කාලයක් ක්‍රියාත්මක වූ එම හදිසි තත්ත්වය පැනවීමට මුල්වූයේ, 2016 වසරේ තුර්කි ජනාධිපතිවරයා බලයෙන් පහකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයයි.
එම හදිසි තත්ත්වය යටතේ කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකපළ වූ පුද්ගලයන් දහස් ගණනක් අත්අඩංගුවට ගැනීම මෙන් ම රැකියාවලින් ඉවත්කිරීම ද සිදු කෙරුණි.
කුමන්ත්‍රණයට සම්බන්ධ බවට අමෙරිකාවේ රැකවරණය ලබන පූජක ෆෙතුල්ලා ගුලෙන්ට චෝදනා එල්ල වූ නමුත් ඔහු එය දිගින් දිගටම එම චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.
කෙසේ වෙතත් ප්‍රතිඥා දුන් පරිදි වරින් වර සත් වරක් දීර්ඝ කිරීමට බඳුන් වූ එම හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ නොකරන බව ජනපති රිසෙප් තයීප් අර්ඩොගන් පැවසී ය.