newsfirst.lk රන් සම්මානයෙන් පිදුම් ලබයි

newsfirst.lk රන් සම්මානයෙන් පිදුම් ලබයි

by Sagarika Chathumali 18-07-2018 | 8:37 PM

COLOMBO (News 1st) - BestWeb 2018 – සම්මාන උළෙලේදී නිව්ස්ෆස්ට් මෙවර රන් සම්මාන 2ක් හිමි කර ගත්තේ ය.

https://www.facebook.com/NewsfirstSL/videos/2042374642489450/ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් මෙම සම්මාන උළෙලේ සමස්ත අංශයේ හොඳ ම වෙබ් අඩවියට හිමි සම්මානය හිමි කර ගත්තේ පළමු වරටයි. හොඳ ම මාධ්‍යල, ක්‍රීඩා සහ විනෝදාත්මක වෙබ් අඩවිය සඳහා වන රන් සම්මානය ද newsfirst.lk වෙබ් අඩවියට මෙවර හිමිවිය. සම්මාන උළෙල අද පැවැත්වුණේ කොළඹ ගලදාරි හෝටලයේදීයි. rtiwatch.lk වෙබ් අඩවියට සමස්ත උළෙලේ රිදී පදක්කම හිමි වූ අතර , එහි ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ ලාෆස් හොල්ඩින් ලිමිටඩ් සමාගමේ laugfs.lk වෙබ් අඩවියයි. හොඳම වෙබ් අඩවි නිර්මාණය සදහා වූ සම්මානය මෙවර දිනා ගත්තේ 3CS ඒෂීයා පෞද්ගලික සමාගමයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව රාජ්‍ය අංශයේ හොඳ ම වෙබ් අඩවියට හිමි රන් සම්මානය දිනා ගත් අතර, නාවික හමුදාව ජනප්‍රියම රාජ්‍ය ආයතන වෙබ් අඩවියට හිමි සම්මානය දිනා ගත්තේ ය. BestWeb.LK සම්මාන උළෙලට මූලිකත්වය ගනු ලබන්නේ,  L.K. ඩොමේන් රෙජිස්ට්‍රි සංවිධානය සහ මොරටුව විශ්වවිද්‍යාලයයි. ප්‍රමුඛ පෙළේ විනිසුරු මඩුල්ලක් අදාළ සම්මාන සඳහා වෙබ් අඩවි තෝරා ගන්නා අතර තාක්ෂණය, නිර්මාණාත්මභාවය, අන්තර්ගතය සහ අන්තර් ක්‍රියාකාරීත්වය එහිදී සලකා බලනු ලැබේ. භාෂා ත්‍රිත්වය ම භාවිත කරමින් වීඩියෝ දර්ශන ද ඉදිරිපත් කරමින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරත ප්‍රමුඛතම වෙබ් අඩවිය newsfirst.lk වෙබ් අඩවියයි. 2007 වසරේ ඔක්තෝබර් 10 වන දා සිංහල මාධ්‍යයෙන් ආරම්භ කළ අපගේ වෙබ් අඩවිය, 2009 වසරේ සිට ඉංග්‍රීසි හා දෙමළ භාෂාවලින් ද තොරතුරු සන්නිවේදනය ආරම්භ කළේ ය.